ගායනය - රනිදු ලංකාගේ
පද රචනය - අනුරාධ උඩුවගේ
රූප රචනය - සුභාශ් පින්නපොල
යුධ බිම ජය නැගු විරු සෙබලෙනි - තෙජ බලයෙන් නුඹෙ සිහ ධජ ලෙලේ
ලක් මව් ගැබ ඉපදුනු විරුවනි - රණ බිමේ ජය සදා
වෙඩි හඩ ගී නද කල කිවිදුනී - මනුසත් බව රැකි උතුමාණෙනී
තාරුණ්‍යය දන් දුන් සොයුරනී - දේශයේ සුව පතා
රන් රුධිරය නුඹ හෙලු මිහි කතේ - මං සලකුනු අප ජය මාවතේ
මතු උපදින් නුඹ දෙව් ලෝ තලේ - ජාතියේ පින පතා
ලා හිරු පායනු ඇත නුඹ නමින් - ජය ගොස නැංවේ රණ විරු හඩින්
දේශය නිවහල් නුඹෙ දිවි නමින් - සෙබලෙණි දිවි පුදා
සෙබලාණෙනී - යුධ බිම ජය නැගු විරු සෙබලෙනි
සිහ ධජ ලෙලේ - තෙජ බලයෙන් නුඹෙ සිහ ධජ ලෙලේ
රණ විරුවනී - ලක් මව් ගැබ ඉපදුනු විරුවනි
රණ බිමේ ජය සදා
මහ කිවිදුණී - වෙඩි හඩ ගී නද කල කිවිදුනී
උතුමාණෙනී - මනුසත් බව රැකි උතුමාණෙනී
අප සොයුරනී - තාරුණ්‍යය දන් දුන් සොයුරනී
දේශයේ සුව පතා